Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව

අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණු

ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආයතන පද්ධතිය හරහා නගරයේ සිට ග්‍රාමීය හා පළාතේ දුෂ්කර ප්‍රදේශ වලට සෞඛ්‍ය සේවාවන් පුඑල්ව ලබා දීමට කටයුතු කරන අතර ඌව පළාත් වාසී ජනතාවට පහත සඳහන් සේවාවන් ලබා දීමට කටයුතු කරමින් පවතී.


මහජන සෞඛ්‍ය සේවාවන්‍

  1. බෝවන හා බෝ නොවෙන රෝග ව්‍යාප්තිය වැළැක්වීම.
  2. මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීම.
  3. දුෂ්කර ගම්මාන සඳහා වෛද්‍ය සේවාවන් ගමට ගෙන යාම සඳහා සුව සරණ / සුව නවෝදය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  4. රාජ්‍ය සේවකයින්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ඌව සුව තිළිණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  5. රෝගී සත්කාරක සේවාවන් පුඑල් කිරීම.
  6. රෝහලයි පාසලයි ඒකාබද්ධ කර සුව ශ්‍රම කඳවුර පැවැත්වීම.
  7. රෝහල් උසස් කිරීම තුළින් සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගේ සේවා ලබා ගැනීමට කාලය අවම කිරීම. (Waiting Time)
  8. සනීපාරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.


ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව

  1. දේශීය ආයුර්වේද ක්‍රමයට මුල් තැන ලබා දෙමින් දේශීය ආයුර්වේද ක්‍රම සංරක්ෂණය කරමින් දේශීය වෛද්‍ය ක්‍රමයට ඌව පළාත් සභා සියඑම සෞඛ්‍ය සංවිධාන අවශ්‍ය සේවාවන් පහත පරිදි කටයුතු කරනු ලැබේ.
  2. ඌව සුව සරණ වැඩසටහන් සැකසීම.
  3. ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් හරහා මාතෘ හා ළමා වැඩසටහන් සැපයීම.
  4. දේශීය ආයුර්වේද සැලැස්ම සංරක්ෂණය සඳහා ඔසු උයන් ස්ථාපිත කිරීම, පංච කර්ම ප්‍රතිකාර ඒකක සීමා කිරීම.
  5. සම්ප්‍රදායික වෙද ‍ගෙදර සංකල්පය ස්ථාපනය කිරීම.

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තෙම්න්තුවට අවශ්‍ය ඖෂධ ඌව පළාත තුළින්ම නිෂ්පාදනය කිරීමෙන් මිලදී ගැනීම සඳහා පළාතෙන් පිටට ඇදී යාම වළක්වන එම මුදල් පළාත තුළම රඳවා ගැනීමේ උත්සහයක යෙදේ. මේ සඳහා මිරිස්වත්ත ඖෂධ නිෂ්පාදනාගාරය රැ.120 ක වියදමින් ඉදිකර අවසන් කර ඇති අතර රු.මි. 3කට අධික වටිනාකමකින් යුත් යන්ත්‍ර උපකරණ මිලදී ගෙන නිෂ්පාදනය ආරම්භ කිරීමේ තත්ත්වයේ පවතී.‍

තවද දේශීය ඖෂධ පළාත තුළින්ම සපයා ගනිමින් ඒ සඳහා වැය වන මුදල් පිටතට ඇදී යාමට නොදී පළාත තුළම රඳවා ගැනීම සඳහා පළාතේ ඇති සියඑම ඖෂධ උයන් සංවර්ධනය කිරීමටත් පාසල් මට්ටමින් ඔසු උයන් ඇති කිරීමටත් පාසල් වලට අවශ්‍ය උපකරණ ලබා දී පාසැල් සිසුන් ද දිරිමත් කිරීම සඳහා ක්‍රියාකරනු ලැබේ.


පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව

  1. ඌව පළාතේ ළමුන් සම්බන්ධයෙන් සේවාවන් සපයන අතර ඒ සඳහා පරිවාස දෙපාර්තමේන්තුවේ ආයතන පද්ධතිය ක්‍රියාත්මක වේ.
  2. රැඳවුම් නිවාසගත දරුවන් රැක බලා ගැනීම
  3. වීදි දරුවන් රැක බලා ගැනීම.
  4. පෙර පාසල් සම්බන්ධයෙන් කටයුතු කිරීම


වනිතා කටයුතු අංශය

දිරිය කතට - සවිය බලය දැක්මට අනුගත වෙමින් ආර්ථික හා සාමාජීය සංවර්ධනයෙන් නිර්මිත තත්කාලීන සමාජයට අවශ්‍ය පරිදි සමාජානුයෝජිත හා කුසලතා පුර්ණ කාන්තා පරපුරක් ගොඩනැගීමේ මෙහෙවර කොට ගත් ඌව පළාත් වනිතා කටයුතු අංශය පළාතේ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පහත සඳහන් කටයුතු කරනු ලැබේ.

  1. ඌව පළාතේ කාන්තාවන් සඳහා ස්වයං රැකියා උත්පාදන ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අධ්‍යාපනික හා වැඩසටහන්
  2. අඩු ආදායම්ලාභී වැන්දඹු පවුල් දිරි ගැන්වීමේ ව්‍යාපෘති ඇති කිරීම.
 
දෙසැම්බර් 2019
බ්‍ර සි සෙ
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4